Wednesday, April 26, 2017

කොලොන්න

හැඳින්වීම


  1. පලාත- සබරගමුව.
  2. දිස්ත්‍රීක්කය- රත්නපුර.
  3. භූමි ප්‍රමාණය- වර්ග කිලෝමීටර් 204.
  4. ජනගහනය- 52604.
  5. ග්‍රාම නිලධාරී වසම් ගනන- 29.
  6. කුඩා ගම්මාන ගනන- 144.
  7. දේශගුණික තත්ත්වය- තෙත් සහ අන්තර් මධ්‍ය දේශගුණය.
  8. රත්නපුර නගරයේ සිට ඇති දුර- කිලෝ මීටර් 106. 
කොට්ඨාහයේ බටහිර මායිමේ සිංහරාජ වනාන්කරය පිහිටා ඇත. සිංහරාජයෙන් ආරම්භ වන ඇරූපොරුව ගඟ කොට්ඨාශය හරහා යන ප්‍රධාන ගංගාව වේ. වෙලේවතු ගග සහ හුලංදා ඔය අනෙක් ප්‍රධන ජලධාරාවන් වේ. එසේම දකුණු පලාතේ මාතර හා ගාල්ල දිස්ත්‍රීක්ක හරහා ගලායන ගිං ගඟ සහ නිල්වලා ගඟේ ආරම්භක ස්ථනය වන්නේ කොට්ටාශයේ මනරම් පරිසර කලාපයක් වන ගොංගල කඳු ශිඛරයයි.
අභිමානවත් මඩුවන්වෙල දිසාවේ ජීවත් වූ මඩුවන්වෙල වලව්ව කොට්ඨාශයේ ඇති වැදගත් ඓතිහාසික ස්ථානයකි. ස්වභාදහමේ අපූර්ව නිමැයුමක් වන ශ්‍රී ලංකාවේ එකම භූගත දිය ඇල්ල පිහිටා ඇති වවුල්පන හුණුගල් ගුහාව වව්ලන් මිලියන ගනනකගේ එකම වාසස්ථානය කරගනිමින් දෙස් විදෙස් සංචාරකයින් අමන්දානන්දයට පත්කරයි.

උල්ලිඳුවාව, බොරළුවගේ අයින, බුත්කන්ද, ඉත්තකන්ද, බුළුතොට, රංහොටිකන්ද, හේනැග්ගෙගොඩ, කොප්පකන්ද, දාපනේ, මොරවාඩිය යන වසම්වල  තේ වගාව ඉතා සාර්ථකව සිදු කරනු ලැබේ. කොලොන්න, මඩුවන්වෙල, නන්දනගම, ඇරෑපෝරුව යන වසම් වග වී වගාව ව්‍යාප්තව අැති අතර විශේෂයෙන්ම සුළු අපනයන බෝග වගාවන් ලෙස කුරුඳු ගම්මිරිස් වගා හා ආශ්‍රිත සේවා රාසියක් මේ කොට්ඨාසය පුරාම සිදුකරයි. ඒ අනුව කෘෂිකර්මාන්තය ෙකාට්ඨාශෙය් ජනතාවෙග් ප්‍රධාන ජීවනෝපාය වේ.


Tuesday, April 25, 2017